රජයට අයුතු පාඩුවක් කළැයි ගුවන් තොටුපළ හිටපු සභාපතිට නඩු

702

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ හිටපු සභාපති ප්‍රසන්න ජයලත් විකුමසූරිය නමැත්තාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ 23 දා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

2014.11.03. හා 2014.12.19. කාලය අතරතුර රජයට අයුතු සහගත පාඩුවක් සිදුකිරීමේ චේතනාවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව එම සමාගමේ මුදලින් රු. එකසිය විසිපන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මුදාහැරීමට ගුවන් සමාගමේ මුදල් අංශ ප්‍රධානී ලයනල් දහනායක නමැත්තා පෙළඹවීම යන චෝදනාව යටතේ එම නඩුව පවරනු ලැබීය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment