21 වැනි රයිගම් ටෙලීස්, ජාතියේ ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාම එළිදැක්වීමේ උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතා සහභාගි වූ අතර කලා ක්‍ෂේත්‍රයේ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී පසුගිය 2024 වසරේ විකාශය අවසන් කළ ටෙලි නාට්‍ය සඳහා, ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන මෙන්ම ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා නිර්දේශිත නාම එළිදැක්විණි.
ඒ අනුව 2024 වසරේ වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූ ටෙලි නාට්‍ය ත්‍රිත්වය අතරින් චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්‍ෂණය කළ ‘වියළි’ ටෙලි නාට්‍යය සම්මාන 13කට, ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ ‘සුසුම් රස්තියාදුව’ ටෙලි නාට්‍යය සම්මාන 11කට, චින්තන ධර්මදාස/මුවිඳු බිනොයි අධ්‍යක්‍ෂණය කළ ‘මීයා’ ටෙලි නාට්‍යය සම්මාන 09කට නිර්දේශ වීම සුවිශේෂී කරුණක් විය. එමෙන්ම ජෝ දිසානායක අධ්‍යක්‍ෂණය කළ ‘බැක්සයිඩ්’ ටෙලි නාට්‍යය සම්මාන 08 කට, චරිත් අබේසිංහ අධ්‍යක්‍ෂණය කළ ‘චණ්ඩි කුමාරිහාමි’ සම්මාන 04කට නිර්දේශ වී ඇති අතර Take Care, දිවිතුරා, See You, සහ තත්පරයක් දෙන්න යන ටෙලි නාට්‍යය ද සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
ඒ අනුව එළැඹෙන 29 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී නිර්දේශ නාම ලැබූවන් අතුරින් ජයග්‍රාහකයින් සම්මානයට පාත්‍රවීමට නියමිතය.