රස්නෙත් එක්ක ගුගුරා වැසි

873

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනයට අදාළව නිකුත් කරන ලද නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්හිද , අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයන් හිද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත.

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.දහවලෙහි දැඩි උණුසුම් තත්ත්වයක් දක්නට ලැබේ.


advertistmentadvertistment