රාමසාන් සමයේ මුස්ලිම් බැතිමතුන්ට බෙදන්න සවුදියෙන් රටඉඳි කිලෝ 50,000ක්

353

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් බැතිමතුන්ට නොමිලේ බෙදා දීම සඳහා සවුදි රජයෙන් රටඉඳි කිලෝ 50,000ක් ලබා ඇති බැව් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පල්ලි 2741ක් සඳහා එක් පල්ලියකට කිලෝ 18 බැගින් මෙම රටඉඳි බෙදා දුන් බව ද මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මෙයට අමතරව මුස්ලිම් පල්ලි අතර බෙදා දීම සඳහා පෞද්ගලික ආයතන 122ක් විසින් රටඉඳි කිලෝ 500 – 1000 ආදී වශයෙන් ගෙන්වා පල්ලි අතර බෙදා දීමට කටයුතු කර ඇති බව ද එම ප්‍රකාශකයා කීවේය.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ සිටින සංවර්ධන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රටඉඳි බෙදා දීම සිදුකර ඇත. විදේශයන්ගෙන් නොමිලේ හෝ පරිත්‍යාග වශයෙන් ලැබෙන විදේශ විනිමය වැය නොවන වාණිජ්‍ය පරමාර්ථ සඳහා යොදා ගැනීමේ අරමුණෙන් ගෙන්වනු ලබන රටඉඳි සඳහා කිලෝවකට අය කරනු ලබන බදු මුදල ද රුපියල දක්වා අඩු කර ඇත.

ලලිත් චාමින්ද


advertistmentadvertistment