හොරණ සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් අදඅලුයම මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසයි.
අනතුර සිදු වී ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේය. අද අලුයම 5.15ට පමන මෙම අනතුරුව සිදුව ඇත.
මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත දෙසට පෙරළී අනතුර සිදුව ඇත.
අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත. මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසයි.