‘රූ සඳ රූ’ ඔස්ට්‍රේලියාවේදී ඉහළම වටිනාකමක්

328

ශ්‍රී ලාංකේය කලාකරුවෙකුට ඔස්ට්‍රේලියාවේදී ලැබුණු ඉහළම වටිනාකම ‘රූ සඳ රූ’ වෙනුවෙන් රූකාන්ත ගුණතිලක ප්‍රමුඛ චන්ද්‍රලේඛා, රයිනි, සනුක, වින්ඩි විසින් පසුගියදා හිමිකර ගන්නා ලදී. ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු ‘රූ සඳ රූ’ The Final Tour ප්‍රසංග මාලාව ඉකුත්දා අතිඋත්කර්ෂවත් ලෙස ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණි.

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, නියෝජ්‍ය විපක්ෂ නායක ඉවෙන් මූල් හොලන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රිචඩ් විට් යන අයගේ ප්‍රධානත්වයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි.


advertistmentadvertistment