රෝහිත් ටෙස්ට් පිටියෙන් යයි

15

38 වැනි වියේ පසුවන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් රෝහිත් ඉදිරියේ පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග සඳහා නායකත්වය ලබාදෙනු ඇත.

රෝහිත් 2024 පැවැති විස්සයි – 20 ලෝක කුසලානය ඉන්දියාව ජයගැනීමෙන් අනතුරුව T – 20 ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ද විශ්‍රාම ගියේය.

රෝහිත් ටෙස්ට් තරග 67කදී ඉනිම් 116කට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

රෝහිත් ලකුණු 4301 ලබාගෙන ඇති අතර ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තා කර තිබේ.

බෝඩර් – ගවසකාර් කුසලානය තරග 3-1ක් ලෙස පරාජය වීම නිසා රෝහිත්ගේ නායකත්වය ගැන දැඩි කතාබහට ලක්වී තිබුණි. කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සහභාගිවීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් ෂර්මා නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග ඔහු මෙම තීරණයට එළැඹ තිබේ.

සුසිල් ජයකොඩි


advertistmentadvertistment