පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණයට යටවීමට ජපානයට සිදුවූ බවට මෙරට ජපාන තානාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පෙරේදා (27දා) පැමිණිල්ලක් කළේය.
මෙරට ජපාන තානාපතිවරයා විසින් ප්‍රසිද්ධ වටමේස සාකච්ඡාවක දී ජපන් ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කිරීමට යෑමේදී වංචා, දූෂණයට ජපානයට ගොදුරුවීමට සිදුවූ බවට කළ ප්‍රකාශය ඉතා බරපතළ බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස තමා අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා කීය.
පසුගිය රජය සමයේ කටුනායක ගුවන්තොටුපළ ව්‍යාපෘතියක් ජපානයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට යෑමේදී ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් සිදුව ඇති දූෂණ සහ වංචා මෙන්ම රටට ලැබිය යුතු ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති අහිමිවීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් ලේඛනයක් අල්ලස් කොමිසමට ලබාදී විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා සිටි බව ඒ මහතා කීය.
චමින්ද සිල්වා