ලක්ෂ 59ක වංචාවකට හල්දුම්මුල්ල මාලිමා මන්ත්‍රි රිමාන්ඩ්

64

පැමිණිලිකරුත් පැරදුණු මාලිමා අපේක්ෂකයෙක්

රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත්වූ මාලිමා මන්ත්‍රීවරයකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙහි පැමිණිලිකරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්වූ මාලිමා මන්ත්‍රීවරයකු බව පොලිසිය කියයි.

පැමිණිලිකරු හා රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයා අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවැති ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් කලක සිට තිබී ඇත. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම නිසා පැමිණිලිකරු ඒ ගැන බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබිණි. ඒ අනුව එම කොට්ඨාසය විසින් සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

හපුතලේ – නයනානන්ද බුවනෙක


advertistmentadvertistment