ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරයේ යටගියාව

1846
විසි එක්වැනි සියවස ආසියානු ශතවර්ෂය යැයි නම් කිරීමට බොහෝ දෙනෙකු නැඹුරු වී සිටිනුයේ වර්තමානයේ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි විශාල ජනගහනයක් සහිත රටවල් වේගයෙන් සංවර්ධන ඉලක්ක සපුරා ගෙන නව පුනරුදයක් අත් කර ගැනීමට සමත්වීම නිසාය. ආසියාවේ ඉදිරි ගමන් මග හැඩගස්සවා ගැනුමට 16 වැනි සිවයසේ සිට යුරෝපීය ජාතීන්ගේ අධිරාජ්‍යවාදී යටත් විජිතකරණ ව්‍යාපෘතීන් ආසියානු රටවල්වල ශිෂ්ඨාචාරයට අත්කර දුන් ඉරණම සහ බලපෑම් පිළිබඳ පසුවිපරමක් කිරීම කාලෝචිතය.

වසර පන්සියයක කාල පරාසයක් බටහිර රටවල යටත් විජිත සහ නාවික ශක්තිය හමුවේ ආසියානු මහද්වීපයේ රටවල් දැඩි පසුබෑමකට ලක්විය. බටහිර අධිරාජ්‍යවල බලපෑම මත සෑම ආසියානු රටකම සංස්කෘතිය ආර්ථිකය සහ රාජ්‍ය පාලන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ආසියානු ශිෂ්ඨාචාරය පොදු මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමණයට කර ඇති දායකත්වය සුළුපටු නොවන බව ඒ පිළිබද අධ්‍යනයක් කිරීමේදී පැහැදිලි වේ. නිදහස් චින්තනය සොබාදහම රැකගැනීම සහ පරිසරයේ වෙසෙන සියලු ජීවීන් සමග සහජීවීව ජීවත්වීමට මිනිස් සමාජය හුරු කරවීම, යනාදිය ආසියානු සංස්කෘතියට ආවේණික වටිනාකම් වන අතර, ඒවා බටහිර ජීවන රටා පොළඹවන සංස්කෘතියට හා අගයන්ට හාත්පසින්ම වෙනස් වේ. කෙටිකාලීන ආර්ථික ප්‍රතිලාභයන් ඉලක්ක කර ගනිමින් ස්වාභාවික සම්පත් සහ පරිසරය විනාශ කරවීමේ ආදීනව වර්තමානයේ සියලු සත්ව ප්‍රජාවන්ට එක හා සමානව අත්විඳීමට සිදුවීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරයේ යටගියාව

යටත් විජිතකරණ මානසිකත්වය සොබාදහම කෙරෙහි කිසිම තැකීමක් නොකර භෞතික සම්පත් සුඛ විහරණයට යොදා ගැනීමට උපයෝගී කරන රේඛීය අර්ථ ක්‍රමය සම්මතයක් කර පවත්වාගෙන යනු ලැබේ. මෙකී ක්‍රියාදාමයන් මානව ශිෂ්ඨාචාරයේ තුලනාත්මකව පවත්වාගෙන යෑමට අභියෝග රැසක් එල්ල කර තිබේ. සොබාදහමට එරෙහි කටයුතු සියල්ලටම ලෝකවාසී සියලු දෙනාටම වන්දි ගෙවීමට සිදුවන බව තේරූම් නොගැනීම කනගාටුවට කරුනෙකි. කාලගුණික දේශගුණික විපර්යාස නිරන්තරයෙන් අනතුරු අගවයි.

ධරණීය සංවර්ධන ඉලක්ක චක්‍රීය අර්ථ ක්‍රමවේදයන් ඔස්සේ අත්කර ගැනීම

පරිසරය සහ ස්වාභාවික සම්පත් ක්‍රමවත්ව කළමනාකරණය කරන ධරණීය සංවර්ධන මාවතකට යොමුකරවීමේ වගකීම දැන් ආසියාව වෙත පැවරෙන වග නව භූ දේශපාලන සහ ආර්ථික ගතිකත්වයන් ඉස්මතු කරයි. බටහිර රටවල් රේඛීය අර්ථ ක්‍රමය තුළම සිරවෙද්දී ආසියානු රටවල් තම රටවල්වලට උචිත චක්‍රීය අර්ථ ක්‍රමය හඳුනාගෙන ඊට අනුරූප සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරවීමට නව පුනරුදයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතිකයන්ගේ මූලික අභිප්‍රාය කර ගැනීම නුවණට හුරුවේ.

ඉන්දුනීසියාවේ බෝරෝබුදූර් බෞද්ධ සිද්ධස්ථානය නැරඹීමට 2019 දී මෙම ලියුම්කරුට හැකි විය. එම සංචාරයෙන් අනතුරුව ලබාගත් තොරතුරු කැටිකොට මෙම ලිපිය ආසියානුවන් සතුවූ නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික විශිෂ්ඨත්වය විස්තර කරවීමට මෙම සටහන පෙළගස්වමි.

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරයේ යටගියාව

ආසියානු ශිෂ්ඨාචාරයේ ප්‍රගමණයට බුදු දහමේ බලපෑම

යටගිය ආසියානු ශිෂ්ඨාචාරයට බුදු දහම දැඩි බලපෑමක් කර තිබෙන බවට පිළිගත හැකි ඓතිහාසික සාධක බොහෝමයක් තවමත් ඉතිරිව ඇත. ඉන්දුනීසියාවේ බොරෝබුදූර් විහාරය ඉන් එක් ඓතිහාතික සංස්කෘතික ස්මාරකයකි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ මයුර වංශික අසෝක අධිරාජ්‍යයා බුදු දහම ලොව පුරාම ව්‍යාප්ත කරවීමට කටයුතු ආරම්භ කළේය. ඔහුගේ පුරෝගාමීත්වයෙන් බුදු දහම ඉන්දියාවේ සිට ගොඩබිමින් පළමුව, ගාන්ධර්ව දේශය හරහා චීන අධිරාජ්‍යයට ළඟාවීය.

එම කාලසීමාවේදීම බුදු දහම ශ්‍රී ලංකාවටත් ළඟාවීය. පසුකාලීනව බුදු දහම මුහුදු මාර්ගයන් ඔස්සේ අග්නිදිග ආසියාවට සහ ජපානයට පැමිණ ඇති බවට සාක්ෂි සොයාගෙන ඇත. බුදු දහම පිළිබඳව හටගත් උද්යෝගය, චීනයේ සිටි විවිධ පාලකයන්ගේ අනුග්‍රහය හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඉන්දියාවට පැමිණ බුදු දහම හදාරා ධර්මය ඝණ්ඨාරූඪ කොට චීනයට ගෙනගොස් ඇත. චීනය හරහා බුදු දහම කොරියාවට, වියට්නාමයට සහ ජපානයට ව්‍යාප්තව තිබේ. ගොඩබිමින් පතුරුවන ලද දහම බොහෝ විට මහායාන සම්ප්‍රදායක් අනුගමනය කරන විට මුහුදු මාර්ගයන් ඔස්සේ හීනයාන නොහොත් ථේරවාද සම්ප්‍රදායට මූලිකත්වය දුන් බවට පවතින විශ්වාසයයි.

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරයේ යටගියාව
ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරයේ යටගියාව

මාතෘකාවට පාදක වන බොරෝබුදූර් විහාරය දැනට ඉදීවී තිබෙන විශාලතම බෞද්ධ ආගමික සිද්ධස්ථානයයි. ක්‍රි.ව. 8 සහ 9 වැනි සියවසේ දැනට ඉන්දුනීසීයාවේ ජාවා දූපත් ශෛලේන්ද්‍ර රාජ වංශයේ සමරතුංග නමින් රජ කරන ලද පාලකයකු සමයේදී විහාරයේ ගොඩනැඟීම් කටයුතු ආරම්භ කර ඇත. මෙම යුගයේදී බුදු දහම ආසියාව පුරාම ව්‍යාප්තව තිබී ඇත. අදියර සතරකින් නිමකර ඇති විහාරයේ ඉදිකිරීම් ක්‍රි.ව. 780 සිට 833 කාලපරිචේඡේදය තුළ සිදුවූ වග ශිලා ලේඛණ ගතව තිබේ. වර්ග මීටර් 113X113 හරි හතරැස් භූමි භාගයක විශේෂ පාෂාණ වර්ගයකින් සකස් කළ විවිධ හැඩතල ගත් කිසිම බදාමයකින් සම්බන්ධ නොවූ ගඩොල් සමූහයකින් මුළු විහාරයම තනා ඇත. වර්තමානයේ භාවිතා වන ලිගෝ කැබලි එකතුකර තණන නිර්මාණයන් මෙන් ඉතාමත් සූක්ෂමව සෑම කොටසක්ම එකිනෙක සම්බන්ධ කර තිබේ. මුළු විහාරය ඉදිකරවීමට යොදාගත් ගඩොල් ප්‍රමාණය ඝණ මීටර් 55000 පමණ වන බවට ගණනය කොට ඇත.

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරයේ යටගියාව

ශෛලේන්ද්‍ර රාජ පාලනය දුර්වලවී ජාවා දූපත්වලින් ඉවත් වීමත් සමග බොරෝබුදූර් විහාරය සහ අවට නඩත්තු කටයුතු සඳහා යොදාගත් ඉඩකඩම්ද ජරාවාස වීම සිදුව ඇත. බොරෝබුදූර් විහාරයේ ප්‍රතිසංස්කරණය සිදුව ඇත්තේ 19 වැනි ශත වර්ෂයේදීය. මෙම නටබුන්ව ගරාවැටුණු විහාරය සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අග්නිදිග ආසියා යටත් විජිත කටයුතු පාලනය කළ ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් විසිනි. සිංගප්පූරුව ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්තානයක් කරවීමට මූලිකත්වය ගෙන ඇත්තේ ද ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස්. බොරෝබුදූර් විහාරය වර්තමානයේ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ලෝක උරුමයක් වීමට පාත්‍රවීම සඳහා මුල් වන්නේ ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් වැනි යුග පුරුෂයන්ගේ මග පෙන්වීමය. බටහිර

ජාතීන්ගෙන් ආසියාතිකයන්ට කොතරම් අරියාදු සිදුවූවද අපගේ පුරාවස්තූන් සංරක්ෂණයට මානව හිතවාදීව කටයුතු කළ බටහිර රටවලින් පැමිණි යුග පුරුෂයන්ට අපගේ ගෞරවය හිමිවිය යුතුවේ. 1815 ශ්‍රීමත් තෝමස් ස්ටැම්ෆර්ඩ් රෆල්ස් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භයේදී ගන්නා ලද ඡායාරූපයක් පහතින් දැක්වේ. ඉහත විස්තර කරන ලද කරුනු එම ඡායාරූපයෙන් පැහැදිලි වේ.

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරයේ යටගියාව

බොරෝබුදූර් විහාරයේ ආකෘතිමය ව්‍යුහය සහ වාස්තුවිද්‍යාත්මක තාක්ෂණය

බොරෝබුදූර් විහාරය තැනීමට යොදාගත් සැළසුම සහ තාක්ෂණය පිළිබඳව පාඨකයන් දැනුවත් කරවීමට ලිපියේ ඉතිරි කොටස වෙන් කරන්නේමි.

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ගිනි කඳු පුපුරා යෑමෙන් මතුවූ භූමි භාගයන්ය. එබැවින් එහි අඩංගු පාෂාණ වර්ග ද විශේෂ සංයුතියක් ගනී. බෝහෝ විට කැටයම් කැපීමට සහ සැහැල්ලු ගඩොල් තනා ගැනීමට එවකට සිටි ගල්වඩුවන් මෙකී විශේෂිත ශෛලමය පර්වත තෝරාගෙන විහාරයේ නිර්මාණ තනා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍යය එකතු කර ඇත. නිතර භූ චලන සහ භූමි කම්පාවලට පාත්‍රවන ජාවා දූපත්වල භූ කම්පණයන්ට ඔරොත්තු දෙන භූ චලනයන්ගේ ඇතිවන දෙදරවීම් විහාරයේ ලිහිල්ව සම්බන්ධව ඇති ගඩොල් හරහා විහිදී යෑමට සරිලන සේ අසුරා තිබී ඇති බවට අනුමාණ කළ හැක. බොරෝබුදූර් විහාරයේ ආකෘතිමය ව්‍යුහය භූ චලනවලට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කරවීමට සුදුසුම තාක්ෂණය එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන් සතුව තිබී ඇත. මෙම විහාරය ඉදිකරවීමේ වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පියා “ගුණධර්ම” යන නමින් පෙනී සිටි අයෙකු බවත් ඉන්දියාවේ ගුප්ත වාංශික අධිරාජ්‍යයෙන් යම් උපදෙස් ලැබෙන්නට ඇතැයි යන්න පවතින තවත් විශ්වාසයකි.

බොරෝබුදූර් විහාරයේ මා දුටු විශේෂත්වය නම් බුදු දහමේ මූලික හරයන් මත පිහිටා විහාරයේ ඉදිකිරීම් සැලැස්ම ගොනුකරවීමයි. අමාමහ නිවණ ළඟාකරවා ගැනීමට ඉෂ්ඨ සිද්ධ කරගත යුතු දසපාරමිතාවන් සපුරාගත යුතු ආකාරය වටහා ගැනීමට පහසු වනු වස් විහාරයේ ව්‍යුහය සකස් කර ඇත. විහාර ව්‍යුහයේ හරස්කඩක් විමර්ශනය කරවීමෙන් (පහතින් දැක්වෙන ආකෘතිමය රූසටහන සහිත ඡායාරූපය බලන්න)

විවිධ ස්ථරවලින් පිහිටි ප්‍රධාන ඒකක දහය කාමධාතු, රූපධාතු සහ අරූපධාතු සහ අවසානයේ අමාමහ නිවන වෙත ලගාවිය හැකි බවට තේරුමි ගැනීමට පහසුවන ආකාරයට ගොඩනගා තිබීම මෙම බෞද්ධ සිද්ධස්තානයේ ඇති විෂේශත්වයයි. දඹදිව වන්දනා චාරිකා හමාර කර ඇති ශ්‍රී ලාංකේය බොදුනුවන්ට ධර්මය වටහාගැනීමට පහසු ඉන්දුනීසියාවෙි ජාවා දූපතේ පිහිටි බොරෝබුදූර් විහාරය අගනා සංචාරක ස්ථානයකි.

ජයශ්‍රී ප්‍රියලාල්


advertistmentadvertistment