වනිදුට දඩයක්

1966

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර ඇත.ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06දෙනා තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එම දඩ මුදල නියම කර තිබේ .අදාළ තරගයේදී වනිඳු හසරංග දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමේදී තම පිත්තෙන් හතරේ සීමාවට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.ඒ අනුව, එය චර්යා ධර්ම පද්ධතියේ පළවන මට්ටමේ කඩකිරීමක් බවට තහවුරු වී ඇති අතර ඔහුට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment