ඉකුත් වර්ෂයේ (2024) වැඩවර්ජන 10ක් පැවැති බවත් එකී වැඩවර්ජන හේතුවෙන් මිනිස් දින 28,429ක් අහිමි වී ඇති බවත් කම්කරු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
මෙකී වැඩවර්ජන සඳහා සේවක සේවිකාවන් 5994දෙනකු එක්ව සිට ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
ඉකුත් වර්ෂයේ වතු අංශයේ වැඩවර්ජන 04ක් පැවැති අතර ඒ සඳහා වතු සේවකයින් 1199 දෙනෙකු සහභාගි වී ඇත. මේ නිසා අහිමි වී ඇති මිනිස් දින සංඛ්‍යාව 5879කි.
කර්මාන්ත නිෂ්පාදන අංශයේ වැඩ වර්ජන 06ක් පැවැති අතර ඒ සඳහා සේවකයින් 4795 දෙනකු සහභාගි වී ඇත. මෙම වැඩ වර්ජන හේතුවෙන් අහිමි වී ඇති මිනිස් දින ගණන 22,550කි.
ලලිත් චාමින්ද