රජයේ විගණකාධිපති පත් කිරීම සම්බන්ධව ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප වූ බවත් ජාතික ජනබලවේගයට සම්බන්ධ, කැලණිය විශ්වවිද්‍යාල සගයකු විගණකාධිපති ධුරය සඳහා පත්කිරීමට කටයුතු කිරීම ජනාධිපතිගේ සහ ආණ්ඩුවේ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් බවත් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා මේ බව කීවේය. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ ද කියා සිටියේය.
රජයේ විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවැනි වතාවට ප්‍රතික්ෂේප වුණා. කෙසේ නමුත් රටේ සිටි කිසිදු පාලකයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ හිතවතුන් පත් කරන්න කටයුතු කරලා නෑ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වසර 30 ක සේවා කාලයක් තිබෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයෙක් සිටියදී විගණකාධිපති ධුරය සඳහා පලපුරද්ද පිළිබඳව බරපතළ ගැටලු රැසක් තිබෙන, පෙට්‍රෝලියම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින, ජාතික ජනබලවේගයට සම්බන්ධ, කැලණිය විශ්වවිද්‍යාල සගයෙක් විගණකාධිපති ධුරය සඳහා පත්කිරීමට කටයුතු කිරීමම ජාතික ජනබලවේග රජයේ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් ලෙස අපට සඳහන් කරන්න පුළුවන්.
කෙසේ නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා මේ තත්ත්වයට පත් වෙයි කියලා සමගි ජනබලවේගය කිසි දවසක හිතුවේ නෑ. ඒ වගේම ජනාධිපතිවරයා මෙලෙස ක්‍රියා කරයි කියලා රටේ ජනතාව සිතුවෙත් නෑ. ඒ වගේම මේ ආකාරයේ නිර්ලජ්ජිත ලෙස ජනාධිපතිවරයා කටයුතු කරයි කියලා අනුර දිසානායක මහතාට ඡන්දය දුන්න පිරිස හිතුවෙත් නෑ. ජනාධිපති අනුර දිසානායක මහතාට හිතවත් කෙනකු විගණකාධිපතිවරයා ලෙස පත් කරන්න කටයුතු කරන්න හදන්නේ කුමක් සඳහා ද කියන ප්‍රශ්නය අපට ඇතිවෙනවා. ඒ වගේම
විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ නිසා ජනාධිපති අනුර දිසානායක මහතා සූදානම් වන්නේ කුමකටද කියන ප්‍රශ්නය අපිට ජනාධිපතිවරයාට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පැලවත්තේ සහ ජනාධිපතිගේ විශ්වවිද්‍යාලයේ හිතවතුන් සමග රට පාලනය කරන්නද ජාතික ජනබලවේගයට රටේ ජනතාව ජනවරමක් ලබාදුන්නේ. ඒ වගේම සුදුස්සාට සුදුසු තැන දෙන, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පත්වීම් ලබාදෙන බව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් සඳහන් වුණා. කෙසේ නමුත් විගණකාධිපති පත්කිරීම දේශපාලන පත්කිරීමක් බවට පරිවර්තනය කරන්න ගත් උත්සාහය ව්‍යාවස්ථාදායක සභාවෙන් පරාජය වුවත් එම උත්සාසය පිළිබඳව බරපතළ විවේචනයක් රට තුළ අද කථිකාවතට ලක් වී තිබෙනවා.
අකිත පෙරේරා