Smart ඉතිරි කිරීමකට ‘BOC රන් කැකුළු Smart ‘ළමා ඉතුරුම් ගිණුම

162

ලංකා බැංකුව මඟින් රටේ ජීවනාලිය බඳු අනාගත දරු පරපුර වෙනුවෙන් හඳුන්වා දී ඇති ‘BOC රන් කැකුළු Smart‘ ගිණුම, වර්තමානය වන විට වඩාත් ප්‍රචලිත වී ඇති අතර, එම ගිණුම කලින් කලට වෙනස් වන නව පරපුරේ අවශ්‍යතා පිළිබඳ ව මනා අවබෝධයකින් යුතුව, නවීන තාක්‍ෂණය සමඟ මුසු කරමින් නිර්මාණය කර ඇත.

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට සාපේක්ෂව 1.5% ක අතිරේක පොලී ප‍්‍රතිශතයක් ලබා දෙන ‘BOC රන් කැකුළු Smart‘ ගිණුම සඳහා ඉලෙක්ට්‍රොනික් කාඩ් පතක් නිකුත් කරන අතර, එමඟින් ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීමේ හැකියාව පවතී. එමෙන්ම ගිණුමට බැර වන මුදල් පිළිබඳව කෙටි පණිවුඩ මඟින් දැනුම් දීම හරහා සිය ගිණුමේ ශේෂය වර්ධනය වන ආකාරය දරුවාටම බලා ගත හැකි නිසා ඔවුන් තුළ ඉතිරි කිරීම පිළිබඳ කැමැත්ත වර්ධනය වේ. පාසල් මට්ටමින් පිහිටුවා ඇති රන් කැකුළු සංසද ඔස්සේ ගිණුමට මුදල් බැර කිරීමේ හැකියාව ද ‘BOC රන් කැකුළු Smart‘ ගිණුමෙහි ඇති විශේෂත්වයකි.

වයස අවුරුදු 18 ත් 60 ත් අතර ඕනෑම භාරකරුවෙකුට තම දරුවෙකු වෙනුවෙන් ‘BOC රන් කැකුළු Smart ‘ ගිණුමක් විවෘත කළ හැකි අතර, දරුවාට වයස අවුරුදු 18 න් පසුව ‘BOC රන් කැකුළු Smart‘ ගිණුම අදාළ ශේෂයද සමගින් ස්වයංක්‍රීය ව යොවුන් ඉතිරි කිරීමේ ගිණුමක් බවට පරිවර්තනය වේ. එම නිසා මෙම මුදල් ආයෝජනය දරුවාගේ අනාගතය ආවරණය කරන අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දිය හැකි ය.

තව ද ලංකා බැංකුව මගින් සෑම වර්ෂයකම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගනිමින් සමත් වන රන් කැකුළු ගිණුම් හිමි දරුවන් 2000 කට රුපියල් 15,000 බැගින් වූ මිලියන 30 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන අතර, මේ සඳහා ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණෙන දිනය වන විට අදාළ ගිණුමේ රුපියල් 5,000 ක අවම ශේෂයක් පවත්වා ගැනීම මේ සඳහා සුදුසුකම් ලැබීමට ඉවහල් වේ. ඊට අමතරව ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් වැඩි ම ලකුණු ලබා ගන්නා දරු දැරියන් සඳහා වටිනා ත්‍යාග ලබා දීම ද සිදු කරයි. එමගින්, ශිෂ්‍යත්ව විභාගය සමත් වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 25 කට රුපියල් 15,000 ක් බැගින් මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනැමීම ද විශේෂිත ය. එමෙන්ම විදේශ ව්‍යවහාර මුදල්වලින් පවත්වාගෙන යනු ලබන ළමා ඉතුරුම් ගිණුම් හිමි දරුවන් 100 දෙනෙකුට රුපියල් 25,000 බැගින් ශිෂ්‍යත්ව ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි.

‘BOC රන් කැකුළු Smart ‘ ගිණුමේ අනුග්‍රහයෙන් සෑම වසරකම රටේ සියලු‍ම පළාත් ආවරණය වන පරිදි ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් ඉලක්ක කරගනිමින් සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වනු ලබන අතර, ඊට සමගාමීව දෙමාපියන් සඳහා ද දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment