විජයදාසලා ගැන තීන්දුව කල් යයි

177

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගත්තේය.

එම අභියාචනා පෙත්සම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වැනිදා තෙක් කල්තැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment