ඒකක 0-30 රු. 10ට අඩුවෙයි
31-60 රු. 25යි
අද (01දා) සිට ක්‍රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0-30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට පැවති රුපියල් 30ක් වූ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර ඇත.
එමෙන්ම එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩු කර ඇත.
ඒකක 31-60ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 37 සිට රුපියල් 25 දක්වා අඩු කර ඇත. එම කාණ්ඩය සඳහා රුපියල් 550ක් වූ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකර තිබේ.
ඒකක 61-90 කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරේ. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 650 සිට රුපියල් 400 දක්වා අඩු කර ඇත.
ඒකක 91-120 කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 50ක මුදල වෙනස් නොවේ. මාසික ස්ථාවර ගාස්තුව 1500 සිට 1000 දක්වා අඩුවී ඇත.
121-180 කාණ්ඩයේ රු. 50ක්ව පැවති ඒකක ගාස්තුව එලෙසම පවතී. රු. 1500 ක් වූ මාසික ගාස්තුව වෙනස් නොවේ.
180 ට වැඩි කාණ්ඩයේ ගණන් වෙනස් නොවේ