විදුලි පනත :පෙත්සම් 12 නිගමනය කථානායකට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

56

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ශ්ව 12ක් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් 12ක් සම්න්ධයෙන් තම අධිකරණයේ නිගමනය කඩිනමින් කථානායකවරයා වෙත නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13දා) නිවේදනය කළේය.

මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති විදුලි පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ විශේෂ පෙත්සම් 12ක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (13දා) තෙවන දිනටත් විජිත් මලල්ගොඩ, අර්ජුන ඔබේසේකර හා ශිරාන් ගණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පැවැත්විණි. පෙත්සම් විභාගය ඊයේ (13දා) අවසන් කළ විනිසුරු මඬුල්ල අද (14දා) දිනය ඇතුළත ලිඛිත දේශන ගොනුකරනා ලෙසටද සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment