විදුලි බිල වැඩි නොකිරීමට IMF එක සමග කතා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (18දා) පැවසීය.
විදුලි බිල වැඩි නොකරන්න නිලධාරීන් IMF එක්ක කතා කරන්න ඕනෑ.
යම් අය සද්ද කරගෙන ගිහිල්ලා ඔළුව බිම ගහගන්නවා. හරි වෙලාවට පොදු විපක්ෂයක් එකතුවෙලා හරිතැනට ඒවි. කොළඹට ලැබුණු ප්‍රතිඵලය අනුව පොදු විපක්ෂයක් හැටියට කටයුතු කළ යුතුයි. මෙතරම් මන්ත්‍රීවරු රටට ඔරොත්තු දෙන්නෙ නෑ. මේ ක්‍රමය වැරදියි. රටක් ඉදිරියට ගෙනියන්න සුරංගනා කතා නොකියා රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා වැඩකටයුතු කළ යුතුයි. IMF එක කියන විදිහට කරන්න ඕනෑ නෑ. අපිට පුළුවන් විදිහට කරලා පෙන්නුවාම ඇති. රටින් ලුණු ගෙන්වන්න අවශ්‍ය නෑ. ලුණුවලට ස්ථාවර මිලක් නියම කළානම්, වාහන ගෙන්වන එකද කරන්න ඕන ජනතාව රැකගැනීමට කරන්න ඕන යැයි ද ඔහු කීය.
දැනට රටවල් දාහතක් සමග කතා කරලා බදු අඩු කරගෙන තිබෙනවා. අපිත් ඇමෙරිකාව සමග කතා කළ යුතුයි. අපි අපේ අපනයනය ආරක්ෂා කර ගත යුතුයි.