විදේශ ප්‍රතිපත්ති ගැන ශ්‍රී ලංකාවට පැසසුම්

233

විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම උපයෝගී කරගෙන විදෙස් රටවල් නිසි ලෙස කළමනාකරණය කරගෙන ඉදිරියට යෑමට හැකියාව ලැබුනු නිසා ජයග්‍රහණ රැසක් අත් කරගැනීමට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.පසුගිය මාසය තුළ ජපානය, සිංගප්පුරුව, රුමේනියාව සහ පෝලන්තය යන රටවල්වල සිදුකළ සංචාරයන් ඉතා සාර්ථක වූ බව ද පැවසීය. විශේෂයෙන්ම ජපානය විසින් අත්හිටුවා තිබූ ව්‍යාපෘති කිහිපයක් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. එහිදී අත්හිටුවා තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ව්‍යාපෘති 13ක් නැවත ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. සිංගප්පුරුව සමඟ ද ආයෝජන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නව රැකියා අවස්ථා වැඩි කර ගැනීම පිළිබඳව රුමේනියාව සමඟ සාකච්ඡා කළා. පෝලන්තයේ මෙරට තානාපති කාර්යාලයක් නොමැති නිසා ඒ සම්බන්ධව ද සාකච්ඡා සිදුවුණා. ජනාධිපතිවරයා එක් පාර්ශ්වයකට සීමා නොවී පෙරදිග හා අපරදිග රටවල් සියල්ලම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදුකළා.ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය හොඳින් කළමනාකරණය කරගෙන යන බවට ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ලොව පිළිගත් සඟරාවක් වන foreignpolicy.com හිද සඳහන් කර තිබෙනවා යැයි ද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් සඳහන් කළේය . ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදීය.


advertistmentadvertistment