විශ්වාසනීය මහජන සේවාවකට කැන්ගරු වෘත්තීය රියැදුරන්ට අත්වැලක්

21

දිවයිනේ ප්‍රමුඛතම ප්‍රවාහන සේවා සමාගමක් වන කැන්ගරු කැබ්ස් පුද්. සමාගම 2588588 එහි මෙහෙයුම් අධ්‍යක්ෂක තුෂාර සංජීව ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද වෘත්තීමය රියැදුරු පුහුණු එක්දින වැඩමුළුවක් මහරගම විලක්ෂි හෝටලයේ දී පවත්වන ලදී.

පාරිභෝගික භවතුන්ට උසස් ප්‍රමිතියෙන් යුත් විශ්වාසනීය සේවාවක් ලබාදෙන්නේ කෙලෙස ද යන්න පිළිබඳව සමාගමේ කළමනාකාරීත්වය විසින් දැනුවත් කරන ලද මෙම එක්දින වැඩමුළුවේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඕෂන හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා විසින් සමාජයීය දැවෙන ගැටලුවක්ව පවතින අන්තරාදායක මත්ද්‍රව්‍ය හා මතින් වැළකීම පිළිබඳ කරුණු ආශ්‍රිත සමාජයට වැඩදායක වූ විශේෂ දේශනයක් ද පවත්වා රියැදුරන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.


advertistmentadvertistment