වෙසක් සැමරුම අර්ථවත්වීමට නම් ජනතා ආකල්ප ද සුබදායි ලෙස වෙනස්විය යුතුයි – කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තිනියාවල ඤාණින්ද හිමි

7

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම සහ පිරිනිවීම යන උතුම් අවස්ථා තුන සිහිපත් කරමින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව වෙසක් පොහොය අනුස්මරණය කරනුයේ හදපිරි අපමණ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තවය. අද වනවිට අසිරිමත් වෙසක් මහා මංගල්‍යය එක්තරා පිරිසක් අතර යම් සැණකෙළියක් බවට පත්වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

ධාර්මික විනෝදය බුදුදහම අනුමත කර ඇති දෙයක් වුවත් එයින් ඔබ්බට ගොස් සීමාව ඉක්මවා විනෝදය සොයා යෑම නිසා වෙසක් සමය යම් පිරිසක් අතර පමණක් සැණකෙළි සමයක් බවට පත්ව ඇති බව කළුතර දකුණ මහහීනටියංගල පෞරාණික ශ්‍රී ආනන්දාරාමය, දූවේ දීපාරාම පුරාණ විහාරය සහ තුංමංහන්දිය ශ්‍රී බෝධිරාජ විහාරය යන විහාරත්‍රයාධිපති කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය තිනියාවල ඤාණින්ද හිමියෝ ප්‍රකාශ කළහ.

වෙසක් සැමරුම අර්ථවත්වීමට නම් ජනතා ආකල්ප ද සුබදායි ලෙස වෙනස්විය යුතුයි - කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තිනියාවල ඤාණින්ද හිමි

තිනියාවල ඤාණින්ද හිමි මේ බව සඳහන් කළේ සම්බුදු තෙමඟුල සමරමින් බුදු පුදට සැරසෙමු කළුතර වෙසක් මංගල්‍යය 2025 විශේෂ වෙසක් සැමරුම් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී විශේෂ අනුශාසනාවක් පවත්වමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, වෙසක් සමයෙහි ඇති ධාර්මික අර්ථය ගැන හොඳින් තේරුම්ගෙන ආධ්‍යාත්මික ශික්ෂණය සඳහා හේතුවන ක්‍රියාකාරකම්වල යෙදීම ඉතාම බුද්ධිගෝචර ක්‍රියාවක් බවද සඳහන් කළහ. එසේම ගිහි-පැවිදි සැවොම පිළිවෙතින් හෙවත් ප්‍රතිපත්තියෙන් සාරවත් පුද්ගලයන් ලෙස හැසිරීමට මෙම වෙසක් සමයේ තරයේ අදිටන් කරගත යුතුයි. මෙවර 2669 වන වෙසක් මහා මංගල්‍යය බෙහෙවින්ම අර්ථාන්විත ලෙස කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙසක් උළෙල ලෙස පැවැත්වීමට අදාළ සියලු විධිවිධාන සැලසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරියට රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතන වෙත අපගේ බලවත් චිත්ත ප්‍රසාදය හිමිවෙනවා.

වෙසක් සැමරුම අර්ථවත්වීමට නම් ජනතා ආකල්ප ද සුබදායි ලෙස වෙනස්විය යුතුයි - කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තිනියාවල ඤාණින්ද හිමි

මෙම සමාරම්භක අවස්ථාවට කළුතර ප්‍රදේශය වෙනුවෙන් මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමි, කළුතර දිසා ශාසනාරක්ෂිත මණ්ඩලයේ සභාපති මොරපිටියේ ධම්මතිලක නාහිමි, කළුතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පල්ලන්තර ජිනානන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර, කළුතර දිසා ලේකම් ජනක ගුණවර්ධන, කළුතර දිස්ත්‍රික් අතිරේක ලේකම් එස්. ත්‍රිමාන්න, කළුතර ප්‍රාදේශීය ලේකම් කේ. සාරංගි ධීරරත්න යන මහත්ම මහත්මීහු ද ප්‍රදේශවාසීහු ද විශාල පිරිසක් එක් වූහ.


advertistmentadvertistment