ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හොඳයි – අයි.එම්.එෆ්. කියයි

54

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ඒ බව කියා තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ළඟදීම සිදුකෙරෙන තුන්වැනි සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමගින් අවස්ථාව උදාවනු ඇති බවය.

අයිඑම්එෆ් සහ ලෝක බැංකු රැස්වීම් හා සමගාමීව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එහිදී මෙසේ පවසා ඇත.

“නව රජය පත්වෙලා තාම කෙටි කාලයයි. මගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ කණ්ඩායමක් සාකච්ඡා සඳහා සහ බලධාරීන් සමග අදහස් හුවමාරු කරගන්න කොළඹට ගියා. නව රජය සහ ඔවුන්ගේ කණ්ඩායම සමග අපි ඉතා සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. එම සාකච්ඡා තවදුරටත් වාර්ෂික රැස්වීම් අතරදී පැවැත් වෙනවා. දැන් හොඳ එකඟතාවයක් තිබෙනවා. එය ඒකමතික එකඟතාවයක්.”

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment