බස් ගාස්තු අධිවේගී බසී සාමාන්‍ය නොබසී

97

ඩීසල් මිල අඩු වුවද සාමාන්‍ය සේවා බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා ‘දිවයින’ට පැවසීය.

පවතින වෙළෙඳපොළ තත්ත්වය අනුව බස් ගාස්තු අඩු කිරීමට හැකිදැයි යන්න සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් ඇති බවද මගීන්ට අසාධාරණයක් නොවන පරිදි බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ කැමැත්තක් ප්‍රකාශ නොවන අතර පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් ගාස්තු අඩු කළ නොහැකි බවයි.

මේ අතර ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව අධිවේගී මාර්ගවල බස් ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පෞද්ගලික මෙන්ම ලංගම බස් රථවල ද ගාස්තු මෙලෙස අඩු කෙරෙන බව ඊයේ (04දා) මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමැතිවරයා සඳහන් කළේය.
අකිත පෙරේරා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment