නිදි ඇඳේම මියගිය පැල්මඩුල්ල නීතිඥවරියගේ මරණය ගැන විවෘත තීන්දුවක්

616

වැඩිදුර පරීක්ෂණවලට සිරුරු කොටස් රස පරීක්ෂකට
අභ්‍යන්තර බාහිර කිසිදු තුවාලයක් නෑ
අසනීපයකට එන්නත් ලබා ගෙන
සැමියාගෙන් මෙහෙකාරියගෙන් ප්‍රශ්න කරයි

නිදි ඇඳේම මියගිය පැල්මඩුල්ල නීතිඥවරියගේ මරණය ගැන විවෘත තීන්දුවක්

පැල්මඩුල්ලේ නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබා දුන් අතර ඇයගේ සිරුරේ අහ්‍යන්තර හෝ බාහිර තුවාල නැති බවද එහිදී හෙළි වී ඇත. කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය සිසිර කුමාර දිසානායක මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේ පැවැත්වින. නීතිඥවරිය අසනීප තත්වය මත ඖෂධ එන්නත් ලබා ගත් බවද පරීක්ෂණ වලදි අනාවරණය වූ අතර ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට තීරණය විය. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතාගේ නියෝගයට අනුව මියගිය නීතිඥවරියගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා අද 03 වනදා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිතව තිබේ. මෙම මරණය ගැන අදාළ පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය පවසයි. පහරදීමේ සිදුවීමක් ගැන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය නොවූ නිසා මෙම මරණය ගැන විශේෂ සැකයක් නැතැයි පොලිසිය පවසයි. පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ සිය නිවසේ නිදි ඇදේ මියගොස් සිටි නීතිඥවරියකගේ මරණය ගැන පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා එම ස්ථාණයට පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියෝග කළේය. මෙම මරණය සම්බන්ධව පැල්මඩුල්ල පොලිසිය නිවසේ මෙහෙකාරිය, මියගිය නීතිඥවරියගේ සැමියා සහ අසල්වාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. පැල්මඩුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂණ සිදු කෙරුණි.
කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment