නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් (සභාපති – ලංකා සූපවේදීන්ගේ සංසදය), පැට්‍රික් පෙරේරා (සභාපති ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමය) සහ මධුරංග පෙරේරා (සහකාර අධ්‍යක්ෂ නෙස්ලේ ප්‍රොෆෙෂනල්, නෙස්ලේ ලංකා) යන මහත්වරුන් සමඟ එක් වෙමින් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ අයුරු, අනෙකුත් නිළධාරීන් ද ඡායාරූපයේ වේ.

නෙස්ලේ ලංකා හි Nestlé Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත Nestlé Golden Chef’s Hat තරගාවලිය සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ලංකා සූපවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමද පසුගියදා සිදු විය.

මෙහිදී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් 2025 Nestlé Golden Chef’s Hat තරගාවලියේ වෘත්තීය කාණ්ඩය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය. ඒ යටතේ දිවයින පුරා කලාප 9ක තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කලාපීය තරඟ වටයන්හිදී මේ දක්වා දිවයිනේ ප්‍රමුඛ පෙළේ හෝටල් නියෝජනය කරමින් හැකියාවන්ගෙන් පිරිපුන් සූපවේදීන් 180කට අධික ප්‍රමාණයක් සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.

මෙම වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමඟ එක්ව Nestlé Professional විසින් න්‍මබසදර Nestlé Golden Chef’s Hat තරගාවලියදී සංවිධානය කරන ලදී.

එය මෙරට හෝටල් කර්මාන්තයේ නියැලී සිටින සිසු සිසුවියන්ගේ හැකියාවන් ඉහළ නැංවීම හා හෙට වසේ සූප ශාස්ත්‍ර විශිෂ්ටයින් නිර්මාණය කිරීම අරමුණු කරගත්තකි. හෝටල් ක්ෂේත්‍රයේ සිසුන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කනිෂ්ඨ තරගාවලියේ කලාපීය තරගයන් රටපුරා ප්‍රමුඛ හෝටල් පාස් අතර පවත්වනු ලබයි. එය මෙරට තරුණ සූපවේදීන්ගේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා වන සුවිසල් අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය.

ප්‍රධාන තරඟයෙන් හා කනිෂ්ඨ තරගයෙන් ජයග්‍රහණය කරමින් අවසන් වටයට තේරුණු තරගකරුවන් ජූනි 14 වන දින පැවැත්වීමට නියමිත 2025 Culinary Art Food Expo හිදී තරඟ වදිනු ඇත. එහි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස Nestlé Professional කටයුතු කරයි.


advertistmentadvertistment