සජිත් – ජුලී හමුවක්

290

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර ඊයේ ( 09 )   හමුවීමක් සිඳුව තිබේ . එහිදී ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර  වෙළඳ කටයුතු  පිළිබඳව සාකච්ඡා කර ඇත.

” ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමිය සමඟ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාර්ථක සාකච්ඡාවක්  පැවැත්වූයෙමි . ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට සහාය වන නව අවස්ථා විවර කරන සහ දෙරටේ ජනතාව වෙත එහි සැබෑ ප්‍රතිලාභ සලසන සාධාරණ, අනාගතවාදී හවුල්කාරිත්වයක අවශ්‍යතාව එහිදී අවධාරණය කළෙමි. ”  යනුවෙන් විපක්ෂ නායකවරයා සිය X ගිනුමෙහි සටහනක් තබා තිබේ . 


advertistmentadvertistment