ආදායම් බලපත්‍රය අන්තර්ජාලය හරහා

901

රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට උදාවී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මක කර තිබේ.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන්ම තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකම (eRL) වැඩසටහන යටතේ ලබා දී ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ් මඟින් කළ හැකි අතර ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඉ-මේල් ලිපිනය ඔස්සේ ඔබට ලැබේ. ස්ථීර ආදායම් බලපත්‍රය දින කීපයකින් ලියාපදිංචි තැපෑලෙන් ඔබගේ නිවසට ලැබෙනු ඇත.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment