ජල විදුලියට දෙන ජලය 30% දක්වා පහළටජල විදුලියට දෙන ජලය 30% දක්වා පහළට

210

ප‍්‍රධාන ජලාශවලින් ජල විදුලි නිෂ්පාදනයට සපයන ජල ධාරිතාවය සියයට 30ක් දක්වා පහත දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

පසුගිය කාලයේ ලැබුණ වැසි සමග එම කාලවලදී ජලාශවලින් ජල විදුලිය නිෂ්පාදනයට සියයට හැත්තෑවක් ජලය මුදාහැර තිබුණු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැසීය. නමුත් මේ වන විට ජලාශවල ඇත්තේ මුළු ජල ධාරිතාවෙන් සියයට හැත්තෑවක් පමණක් යැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

කෘෂි කර්මාන්තයට, පානීය ජල සැපයුමට සහ පාරිසරික අවශ්‍යතාවයන් සඳහා වැසි ලැබෙන තෙක් ප‍්‍රධාන ජලාශවල ජලය රඳවා ගතයුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ* ඞී. අබේසිරිවර්ධන මහතා පැවැසීය.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මස 15 වැනිදා දක්වා සියයට 70ක උපරිම ජල ධාරිතාවයක් විදුලිය නිෂ්පාදනයට සැපයූ අතර එසේ නිකුත් කළ ජලය කෘෂිකර්මාන්තයට, පානීය සහ පාරිසරික අවශ්‍යතාවයන් සඳහා ද යොදාගෙන ඇත. 2021/22 මාස් කන්නයේ ප‍්‍රධාන ජලාශ යටතේ සියයට සියයක් වී වගා කර තිබේ. වී වගාවට ලබන මාර්තු මස 15 වැනිදා දක්වා ජලය සැපයීමට තිබේ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment