පකිස්තානයේ අගමැතිධුර ශෙබාස් ෂරීෆ් වෙත

7212

පාකිස්තානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා ය. නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බව ද වාර්තා වේ. පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව බව භූතෝගේ පී පී පී පක්ෂයට සඳහන් කර තිබුණි.මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට ආසන 75 සහ භූතෝගේ පී පී පී පක්ෂය ආසන 54 බැගින් හිමිවිය.ඉම්රාන් ඛාන්ගේ අපේක්ෂකයින් තරග කළ ස්වාධීන කණ්ඩායමට ආසන 93ක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment