සරසවි අනධ්‍යයන විරෝධයට කදුළු ගෑස් ප්‍රහාරයක්

141

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලය ආසන්නයේ සංවිධානය කර තිබු විරෝධතාවකට පොලීසිය අද දහවල් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම විරෝධතාවය අද දහවල් සංවිධානය කර තිබු අතර විරෝධතාව විසුරුවා හැරීම සඳහා මෙලෙස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා සිදුකළ වැටුප් වැඩිකිරීමට සමගාමීව තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලය අද දිනයේ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සමගාමීව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.


advertistmentadvertistment