ස්ලෝවේකියාවේ දුම්රිය – බස් ගැටීමෙන් හතක් මරුට

1

චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් අගනුවර සිට හංගේරියාවේ බුඩාපෙස්ට් නගරය දක්වා ධාවනය වූ මගී දුම්රියක් දකුණු ස්ලෝවේකියාවේ දුම්රිය හරස් මාර්ගයක තිබූ බසයක ගැටීමෙන් පුද්ගලයන් 7 දෙනකු මියගොස් ඇති අතර තවත් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මිය ගිය පිරිස දුම්රිය හා ගැටුණු බස් රථයේ ගමන් ගත් මගීන් වන අතර තුවාල ලැබූවන් අතර බස් රථයේ හා දුම්රියේ රියදුරන්ද සිටින බව වාර්තා වී තිබේ.

අනතුරෙන් දුම්රියේ ගමන් ගත් මගීන් 200 දෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වී තිබේ. මෙම අනතුර පෙරේදා (27) සවස ස්ලෝවේකියාවේ අගනුවර වන බ්‍රෑටිස්ලාවා නගරයේ පිහිටි නොවේ සැම්කි ප්‍රදේශයේ තිබෙන දුම්රිය හරස් මාර්ගය අසල සිදුව තිබේ. මෙම අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වී තිබේ. අනතුරට හේතුව ඊයේ සවස වන විටද අනාවරණය වී නොතිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්ලොවේකියානු බලධාරීන් විසින් විමර්ශනයක් අරඹා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment