‘සාමය අවශ්‍ය නම් ඔබේ රොටී කන්න නැතිනම් මගේ උණ්ඩය සැමවිට සූදානම්’ – මෝදිගේ ප්‍රකාශයට පාකිස්තානයේ විරෝධය

21

“ඔබට සාමය අවශ්‍ය නම් ඔබේ රොටි කන්න: එසේ නොමැති නම් මගේ උණ්ඩය සැමවිටම සූදානම්” යනුවෙන් පාකිස්තාන පුරවැසියන් ඉලක්ක කර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දී තිබේ.

ගුජරාටයේ බුජ් හි පැවැති මහජන රැලියක් අමතමින් අගමැති මෝදි මෙසේ පවසා ඇත. “ඔබට සාමය අවශ්‍ය නම්, ඔබේ රොටී කන්න – එසේ නොමැති නම් මගේ උණ්ඩය සැමවිටම සූදානම්. පාකිස්තානය පහල්ගම් ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගනු ඇතැයි අපේක්ෂාවෙන් අපි දින 15 ක් බලා සිටියා. ඔවුන් එසේ නොකළ විට මම අපේ හමුදාවන්ට පූර්ණ නිදහස ලබා දුන්නා. අපි නිරවද්‍යතාවෙන් පහර දී ඔවුන්ගේ ත්‍රස්ත කඳවුරු දූවිලි බවට පත් කළා.”

අගමැති මෝදි පාකිස්තාන ජනතාව, විශේෂයෙන් තරුණයින් අමතමින්, අන්තවාදය ප්‍රතික්ෂේප කර සාමය තෝරා ගන්නා ලෙස මෙහිදී ඉල්ලා සිටියේය. “පාකිස්තානයේ තරුණයන්ට වඩා හොඳ අනාගතයක් අවශ්‍ය නම් ඔවුන් මෙම ප්‍රචණ්ඩ සංස්කෘතියට එරෙහිව නැගී සිටිය යුතුය. සාමය තෝරන්න. ජීවිතය තෝරන්න. නැතහොත් අපගේ වෙඩි උණ්ඩවලට මුහුණ දෙන්න.” ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශය පාකිස්තාන විදේශ අමාත්‍යාංශය දැඩිව විවේචනය කර ඇත.

චතුර පමුණුව


advertistmentadvertistment