වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පෙරේදා (23දා) ගාල්ල වරායේ නිරීක්ෂණයකට එක් විය. ගාලු වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කිහිපයක් ඇති නමුත් ගාල්ල නගරය හා බැඳී ඇති සංස්කෘතිය සහ ආර්ථිකය ආරක්ෂා වන ලෙස සංවර්ධන ව්‍යාපෘති සිදුකළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඇමැතිවරුන් සඳහා VIP බංගලා අවශ්‍ය නොවන බවත් ගාල්ල නගරයේ පිහිටා ඇති වරාය අධිකාරියට අයත් VIP බංගලාව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල