අනියම් සැමියා බිරිඳ රැගෙන ගියැයි කිපී සැමියා අනියම් සැමියාගේ මව පැහැරගෙන

613

මවගේ මළ සිරුර මාර්ගයක තිබී හමුවෙයි

තම බිරිඳගේ අනියම් සැමියා බිරිඳ රැගෙන යෑමට උරණ වූ පුද්ගලයෙකු අනියම් පුද්ගලයාගේ මව පැහැරගෙන ගොස් ඇති අතර මව මාර්ගයක මියගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

04 දා පෙරවරුවේදී ඇඹිලිපිටිය නව නගරයේ ආයුර්වේද රෝහල අසල මාර්ගයක කාන්තාවක් මියගොස් වැටී තිබියදී සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය සහ ස්ථානීය අපරාධ පරීක්ෂණ කණ්ඩායම එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සූරියවැව පොලිස් වසමේ සූරියවැව වටරවුම් පාරේ 9/02 වීරියගම පදිංචි 58 හැවිරිදි මවකි. මෙම මව කිසියම් කණ්ඩායමක් පැමිණ 03 දා සවස පැහැරගෙන ගිය බව පවසමින් ඇයගේ දියණිය විසින් සූරියවැව පොලීසියේ පැමිණිල්ලක්ද සටහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට ඇඹිලිපිටිය පොසිය මගින් සොයාගෙන ඇත. මියගිය අයගේ පුතෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ විවාහක කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම කාන්තාව රැගෙන වෙනත් ප්‍රදේශයකට පලායෑම හේතුවෙන් උරණවූ එම කාන්තාවගේ සැමියා විසින් තම බිරිඳ රැගෙනගිය පුද්ගලයාගේ මව පැහැරගෙන ගොස් ඇති බවට සැක පලකරයි. ඒ අනුව පරීක්ෂණ පවත්වන අතර ‍58 හැවිරිදි මව ඝාතනය කලේද මියගියේද යන්න මේ වන විට පරීක්ෂණ පවත්වන අතර ඇය පැහැරගත් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඇඹිලිපිටියේදී පැවැත්වූ අතර මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල රෝහලට යවා ඇත.
ඕමල්පේ ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment