හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන්න! – අන්තර්වාර ආණ්ඩුවෙන් ඉන්දියාවට නිල දැනුම්දීමක්

370

ෂේක් හසීනා නැවත බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස එරට අන්තර්වාර ආණ්ඩුව නිල වශයෙන් ඉන්දීය රජයට දන්වා තිබේ.

හිටපු අගමැතිනිය පසුගිය අගෝස්තු 05 වැනිදා සිය රට අතහැර ඉන්දියාවට පලා ගියාය. එරට උද්ඝෝෂණ හමුවේ මෙලෙස ඇය සිය ධුරය අතහැර දිල්ලියට පලාගොස් තිබිණි.

බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව විසින් හිටපු අගමැතිනියට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරා තිබේ.

මේ අර්බුදය නිසා ඉන්දියා හා බංග්ලාදේශය අතර සබඳතා ද අවුලට පත්වී තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment