හිටපු කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය වන චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ .
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙම අධි චෝදනා ගොනුකර තිබේ .
2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදු කිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් චෝදනා 11 යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.