හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා තමා කතානායක කළ ආණ්ඩුවට එරෙහිව තීරණයක් දෙමින් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් රැකදුන්නා – අගමැති දිනේෂ් ගුණවර්ධන

247

ජෝෂප් මයිකල් පෙරේරා කතානායකවරයා, තමාව කතානායක කළ ආණ්ඩුවට එරෙහිව තීරණයක් දෙමින් රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනාවක අයිතිවාසිකම් සුරක්ෂිත කළ බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. හිටපු කතානයකවරයෙකුගේ අභාවය ගැන ශෝක යෝජනාවක් ගෙනඒමට දිගු කලක් ගත කිරීම සුදුසු නොවන බවද, ඔහු පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝක යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) සිය අදහස් දක්වමිනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.

හිටපු කාතානායකතුමකුගේ වියෝවය පිළිබඳ ශෝක යෝජනාව මෙතරම් දිගු කලක් කල් දැමීම සුදුසු නෑ.

ඒ වගේම අපේ රටේ ඉතිහාසයේ කෘතහස්ත භාවයෙන් හා මානව හිතවාදී ගුණාංග රැසකින් ජෝෂප් මයිකල් පෙරේරා පිරිපුන් නායකයෙක්. පාර්ලිමේන්තු කාලය කතානායකතුමා හැටියටත්, කැබිනට් අමාත්‍යවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා, විපක්ෂයේ ප්‍රධාන නායකයෙක් හැටියට එතුමා පාර්ලිමේන්තු කටයුතුවලද සියලු දෙනා සමඟ මිත්‍රත්වයෙන්, සුහදතාවයෙන් කටයුතු කළා. ඒ වගේම ඒ මතම යම් යම් තීරණ ගැනීමේදී ස්වාධීනත්වය ද පෙන්නුම් කිරීමට සමත් වුණා.

ඉතාම ඕනැකමින් සඳහන් කරන්න ඕනේ, 76 අප්‍රේල් මාසයේදී පැවති අතුරු මැතිවරණය. ජා ඇල ආසනයේ අතුරු මැතිවරණය මේ රටේ දේශපාලනයේ පෙරළියක් ඇති කළා. තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට අවුරුදු 36 දී එතුමා තරඟකොට එවකට පැවති රජය පරාජයට පත් කොට ජයග්‍රහණය කිරීම අවුරුද්දක් ඇතුළත තියෙන මහා මැතිවරණයට විශාල බලපෑමක් වූ පණිවුඩයක් ලෙස රට පුරා ගියා.

ඒ මහා පෙරළියේ එක්තරා සාධකයක් බවට ජෝෂප් මයිකල් පෙරේරා තරුණ මන්ත්‍රීතුමා කටයුතු කළා. එතුමා තුළ තිබුණු තරුණ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම ක්‍රීඩා හා සමාජ ක්ෂේත්‍රයේ ක්‍රිස්තු භක්තිකයෙක් ලෙස තමන්ට ඉටුකළ හැකි සේවාවන් වෙනුවෙන් සමාජය සමඟ එකට කටයුතු කිරීම සුවිශ්ෂ ජයග්‍රහණයකට හේතුවුණු බව අපි සිහිපත් කරනවා.

එතුමා පාර්ලිමේන්තු කාතානායකතුමා හැටියට සුවිශේෂ ස්වාධීනත්වයක් පෙන්නුම් කළ බව මා මේ අවස්ථාවේ සඳහන් කරන්න්ට ඕනේ. එවැනි අවස්ථා දෙකක් මම සිහිපත් කරනවා. අද කතාකනායකවරු හැටියට ගත්ත පිළිවෙත්වල ප්‍රධාන පිළිවෙත් අරගත්තේ අපි විපක්ෂයේ ඉන්න කොට ජෝෂප් මයිකල් පෙරේරා කතානායකතුමා. ඒ කියන්නේ කුඩා පක්ෂවලට පාර්ලිමේන්තු කාරක සභාවේ අවස්ථාවත් ඒ කාතාකිරීමට හිමි තීරණය ප්‍රකාශයට පත් කරන වැදගත් තීරණය අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කතානායකවරයා හැටියට ඒ අවස්ථාවේදී එකතු කළා. විරුද්ධ පක්ෂයේ එදා සිටි අපි ගණනාවකට ඒ වරප්‍රසාද ඇතිකිරීමෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තවත් ආදර්ශමත් කාතානායකවරයෙක් හැටියට එතුමාව අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

එතුමා කම්කරු අමාත්‍යවරයා හැටියට හිටියා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට හිටියා. ඒ වාගේම ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හැටියට හිටියා. ජාඇල නගර සභාවේ නගරාධිපතිවරයෙක් හැටියට කලින් හිටියා.

තමාව කතානායක ධූරයට පත් කිරීම සඳහා යෝජනා කරපු ආණ්ඩුවට එරෙහිව බය නැති තීරණයක් ප්‍රකාශ කළා. ඒ තමයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කරන්න ගෙනාපු වෙලාව. එවකට තිබුණු ආණ්ඩුවේ, මුදල් අමාත්‍යවරයා වූයේ චොක්සි ඇමතිතුමයි. මට මතකයි ඒ සංශෝධනයේ නඩු තීන්දුව ප්‍රකාරව කටයුතු කරන්නේ නැතුව, කටයුතු කරන්න දැරූ උත්සහය වැළැක්වුණා. ඒ අවස්ථාවට මට මතකයි මමයි, මහින්ද රාජපක්ෂ මැතිතුමයි ඒ සංශෝධනයේ කතානායකතුමාගෙන් ප්‍රශ්න කළේ. එතුමා, ආණ්ඩුව මොනවා කීවත් නිවැරදි තීරණයක් දීලා, ඒ පනත විවාද කිරීම අවසන් කළා. ඡන්ද විමසීමකට යන්න ඉඩ දුන්නේ නෑ. එය පාර්ලිමේන්තුවට යළිත් ලබාගත්ත ජයග්‍රහණයක් ලෙස අපේ පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වෙනවා.

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමයට, ශේෂ්ඨාධිකරණයෙන් දුන්නු නියෝගය හෝ අර්ථ නිරුපණ තීන්දුව එහි පනත සම්බන්ධව නොසැලකිල්ලට භාජනය කිරීම සඳහා දැරූ උත්සාහය ව්‍යර්ථ කළා. ඒ තත්වය ඇති කළේ කතානායකතුමා එදා අපි ඉදිරිපත් කරපු තර්කවලට සවන් දීලා. එසේ නොවන්නට එදා ඒ පනත සම්මත වී නීතිගත වී රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනාවක අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයකට මතු වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment