හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස 32 වැනි ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේදී

47

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණානුස්මරණය ඊයේ (01) දින කොළඹ අලුත්කඩේහිදී පැවැත්විණි.

එහිදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය සහ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ පිරිස් ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.

මෙහිදී ප්‍රේමදාස මහතාගේ පිළිරුවට මල් මාලය පැළඳවීම නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රුවයිස් හනීෆා මහතා විසින් සිදුකෙරිණි.

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස 32 වැනි ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේදී

මෙම අවස්ථාවට හිපටු කථානායක කරු ජයසූරිය, තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප – සුජාතා ජයරත්න


advertistmentadvertistment