අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා එළඹෙන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ 27 දිනයේදීය.කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
|