තේ, රබර් නිෂ්පාදනයේ දැඩි පසුබෑමක්

133

මේ වර්ෂයේ (2022) ගෙවී ගිය පළමු මාස දහයේදී තේ සහ රබර් නිෂ්පාදනයන් සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇත.

මේ අනුව තේ නිෂ්පාදනය 2021 වසරේ පළමු මාස දහයේ දී වාර්තාවූ කිලෝග්‍රෑම් මිලියන 258.9 සිට මේ වසරේ (2022) පළමු මාස දහයේ දී කිලෝග්‍රෑම් මිලියන 211.1ක් දක්වා සියයට 18.5කින් පහත වැටී ඇත.

එසේම රබර් නිෂ්පාදනය 2021 වසරේ පළමු මාස දහයේ දී වාර්තාවූ කිලෝග්‍රෑම් මිලියන 66.3 සිට මේ වසරේ (2022) පළමු මාස දහයේ දී කිලෝග්‍රෑම් මිලියන 59.2ක් දක්වා සියයට 10.7 කින් පහත වැටී ඇත.

මේ අතර පොල් නිෂ්පාදනය 2021 වසරේ පළමු මාස දහයේ දී වාර්තාවූ ගෙඩි මිලියන 2577.2 සිට මේ වසරේ (2022) මුල් මාස දහයේ දී ගෙඩි මිලියන 2850ක් දක්වා සියයට 10.6 කින් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment