හින්දුන් – සුළු ජාතීන් රැකගන්න බංග්ලාදේශයට සාම හමුදාවක් යවන්න ඕනෑ – බටහිර බෙංගාල මහ ඇමැතිනිය කියයි

271

බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් යැවිය යුතු බව බටහිර බෙංගාල මහ ඇමැතිනි මමතා බැනර්ජි ප්‍රකාශ කර ඇත.

බංග්ලාදේශයේ වෙසෙන හින්දූන් මෙන්ම අනෙකුත් සුළු ජාතීන් ආරක්ෂා කිරීම සඳහා මෙම සාම සාධක හමුදාව වැදගත් බව මහ ඇමැතිනිය පවසයි.

බංග්ලාදේශයේ හින්දු ප්‍රජාවට එල්ලවන ප්‍රහාර වැඩිවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය කනස්සල්ල පළ කර තිබේ. මේ නිසාම දෙරට අතර සබඳතා ද අර්බුදයට ලක්ව තිබේ.

පසුගිය සතියේ බංග්ලාදේශ පොලිසිය විසින් හින්දු පූජකයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.

චතුර පමුණුව


advertistmentadvertistment