ජොන්සන් සමාගම ටැල්කම් ළදරු පුයර (පවුඩර්) නතර කරයි

517

ලොව ප්‍රමුඛ පෙළේ ටැල්කම් ළදරු පුයර (බේබි පවුඩර්) නිෂ්පාදකයෙකු වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම ලබන වසරේදී ගෝලීය වශයෙන් එම පුයර නිපදවීම හා අලෙවිය නතර කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙතෙක් සිය සමාගම විසින් නිෂ්පාදනය කළ ටැල්කම් පුයර වෙනුවට ඉරිඟු පිටි යොදාගෙන නිපදවන නව ළදරු පුයර නිපදවා ලොව පුරා අලෙවි කිරීමට පියවර ගන්නා බව ජොන්සන් සමාගම පවසා තිබේ.

අදාළ සමාගම විසින් නිපදවා වෙළෙඳපළට නිකුත් කර ඇති ටැල්කම් වර්ගයේ පුයරවල පිළිකා කාරක ඇස්බැස්ටොස් අඩංගු වීම නිසා ඒවා ආලේප කිරීමෙන් තමන්ට ඩිම්බකෝෂ පිළිකා වැළඳුනු බවට කාන්තාවන් දස දහස් ගණනක් සමාගමට එරෙහිව නඩු පවරා තිබීම හේතුවෙන් වසර දෙකකට පෙර ඇමරිකා එක්සත් ජනපදය තුළ සිය ටැල්කම් පුයර අලෙවිය නතර කිරීමට ජොන්සන් සමාගම විසින් පියවර ගෙන තිබිණි. කෙසේ වුවද ජොන්සන් සමාගම පවසනුයේ දශක කිහිපයක සිට සිදු කරන ලද ස්වාධීන පරීක්ෂණවලදී සිය ටැල්කම් පුයර භාවිතයට සුදුසු බව හෙළි වී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment