හෙට පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 07 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.