දකුණු කොරියාවේ ගිනිකොන දිග ළැව්ගිනි පැතිරී යන ප්‍රදේශවලට යෑමෙන් වළකින ලෙස එරට සිටින ලාංකිකයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් දැනුම් දී තිබේ.
මේ වන විට දකුණු කොරියාවේ පැතිරී යන ළැව්ගිනි හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් සිදුව නොමැති බවත් ඕනෑම හදිසි අවස්ථාවකදී 27352966, 27352967 සහ 27942968 යන දුරකථන අංක ඔස්සේ ලාංකිකයන්ට ඒ පිළිබඳව දැනුම්දීම් කළ හැකි බවත් තානාපති කාර්යාලය කියයි. දකුණු කොරියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ පැතිර යන ළැව්ගිනි හේතුවෙන් ඊයේ (27දා) වන විට පුද්ගලයන් 24 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව සිටි අතර 23,000කට අධික පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.
සුජීව තත්සර