පෙරේදා (30දා) රාත්‍රී 10.30 සිට 11.30 අතරතුර කාලයේ ෆෙන්ගල් සුළි කුණාටුව තමිල්නාඩුවේ පුදුචෙරි නගරයට ආසන්නයෙන් ගොඩබිමට කඩා වැදුණු බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැයට කිලෝමීටර් 90 ක වේගයෙන් මේ කුණාටුව ගොඩබිමට කඩා වැදිණි. මේ කුණාටුව හේතුවෙන් පුදුචේරියට වසර 30කට පසු වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබේ. මීට පෙර 2004 වසරේදී පුදුචේරි ප්‍රදේශයෙන් මි.මී. 210ක වර්ෂාපතනයක් වාර්තා විය. මේ වන විට මි.මී. 460 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. එසේම මෛලාම් වෙත මි.මී. 500 වර්ෂාවක් ලැබී ඇත.
චෙන්නායි වැසියන් පවසන්නේ තමන් මෙතෙක් අත්නොදුටු දැඩි වර්ෂාවක් ඇදවැටෙමින් පවතින බවයි. පෙරේදා දිනයේ අධික වර්ෂාව හමුවේ චෙන්නායි නගරයේ ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ගැනීමට ගිය පුද්ගලයකු විදුලි සර වැදී මරණයට පත්ව තිබේ.
චතුර පමුණුව