13 අතකොළුවක් නොවේ

71

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් කළ යුතු බවත් 13 වැනි සංශෝධනය මැතිවරණ සමයේදී දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන ලෙස සියලු දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

13 වැනි සංශෝධනය පිළිබඳව ඔහු වැඩිදුරටත් අදහස් මෙසේ ද කීය.

“මම දැක්කා සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක උතුරට ගිහින් කියනවා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා. උතුරු නැගෙනහිර ජනතාවට කොටි ත්‍රස්තවාදීන් පරාජය කර නියම නිදහසක් අත්කර දුන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වගේම උතුර නැගෙනහිර ජනතාවට ඡන්දය ප්‍රකාශ කර 13 වැනි සංශෝධනය හරහා ඔවුන්ට කැමැති මහ ඇමැතිවරයෙක් හා පළාත් සභා නියෝජිතයින් පත් කරගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. කොටි ත්‍රස්තවාදීන් උතුරේ ඡන්ද අයිතිය පවා සීමා කරලා තිබ්බෙ. ඔවුන් ඉල්ලුවේ පළාත් සභාවක් නෙවෙයි වෙනම රටක්.

13 වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මකයි. උතුරේ ඡන්ද බලාගෙන, දේශපාලන වාසි බලා ගෙන ඡන්ද කිට්ටු කරලා අනෙකුත් පක්ෂ මේ වගේ කතා කිරීම ගැන ඇත්තටම කනගාටු වෙනවා. ඔවුන් අඩුම උතුරේ සංවර්ධනයක් ගැනවත් කතා කළේ නෑ. නමුත් අපේ රජය කාලේ තමයි උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වගේ සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ. ඉතින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න කලින් පළාත් සභා ඡන්දය තියන්න ඕනෑ. ඒ ගැන කවුරුත් සද්දයක් නෑ. දහතුන ක්‍රියාත්මක කරන්න කලින් අපි ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් කළ යුතුයි. ඒ වගේම 13 සංශෝධනය ඡන්ද කිට්ටු කරලා දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන මෙන් සියලු පක්‍ෂවලින් ඉල්ලා සිටිනවා. මොකද ඔවුන් මේ සෙල්ලම් කරන්නේ උතුරේ ජනතාවගේ හැඟීම් එක්ක.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment