බදුල්ලේ දරුවන් 10,873ක් මන්දපෝෂණයෙන්

127

පවුල් 47,665 ක් ආහාර අහේනියෙන්

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය පිළිබඳව කළ සමීක්ෂණයට අනුව මන්දපෝෂණයට ගොදුරු වූ අවුරුදු 5 ට අඩු දරුවන් 10,873 ක් (19.1%) සහ ආහාර අනාරක්ෂිත පවුල් 47,665 ක් (17%) සිටින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ප්‍රකාශ කළාය.

දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව කියා සිටියේ පසුගියදා පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

දිස්ත්‍රික්කයේ ආහාර අනාරක්ෂිත භාවය වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බදුල්ල බව පැවසූ ඇය බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල සෙසු කොට්ඨාස බව ද මන්දපෝෂණ තත්ත්වය වැඩි වී තිබෙන්නේ වයස අවුරුදු 2-5 අතර දරුවන් අතර බව ද සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment