අරගලය ගැන විමල් හෙළිකළ රහසක්

1306

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ මහතාවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.ඔහු රචනා කළ, “නවය, සැඟවුණු කථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මේ බව සදහන් කළේය.ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු ඒ මහතා රචනා කළ “නවය, සැඟවුණු කථාව” නම් කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති උත්සවය අමතමින් මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා, මෙසේද පැවසීය.”මම මේ පොතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු අවස්ථාවේදීත් පළා යමින් සිටි අවස්ථාවේදීත් ඉන්දියාව ඔහුගෙන් ඉල්ලා සිටිනවා ඔයා ඉල්ලා අස්වෙන්න කළින් අගමැති තනතුරේ ඉල්ල රනිල්වත් අයින් කරලා ඔයා ඉල්ලා අස්වෙන්න කියලා. ගාමිණි සෙනරත් ලියුම් දෙකම හදළා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අත්සන් කළේ එක ලියුමටයි. ඒ එයා ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. දැන් රනිල් වික්‍රමසිංහ අයින් කරළාත් නැහැ. ඉල්ලා අස්වෙලත් නැහැ. ඔය වෙලාවේ එනවා කථානායක නිල නිවසට අමෙරිකානු තානාපතිනිය. එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා දැන් ගෝඨාභය අයින් වෙනවා ඔයා මේක භාර ගන්න. එතකොට කථානායකතුමා කියනවා එහෙම කොහොමද කරන්නේ තානාපතිතුමියනි, ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඉතින් මම කථානායක, එයා ඉන්දෙද්දී මට බැහැ කියලා. ව්‍යවස්ථාව වැඩක් නැහැ අපි බලාගන්නම් ඔයා මේක ගන්න. ඊට කලින් දවසේ කථානයකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තියෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමෙකුත්. ආගමික නායකයෙක් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කථානායකතුමාත් එක්ක පැය දෙකක් පමණ සාකච්ඡා කරලා කථානායකතුමා ඔය යෝජනාවට එකඟ කරගැනීම සඳහා උත්සාහයක් යනවා. ඒකෙදිත් කථානායකතුමා දැරුවේ අර ස්ථාවරය. ඒකේදී කථානායකතුමා ඒ වැඩේට එකඟකරගන්න ඒ අයට බැරිවුණා.”

advertistmentadvertistment
advertistmentadvertistment