ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් අනිකුත් පක්ෂවල සභිකයින් දිනා ගැනිම සදහා සාකච්ඡා ආරම්භකොට ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 17ක් දිනාගනිමින් ගාල්ල මහනගරසභාවේ බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගනු ලැබුවද සමගිජනබලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මන්ත්‍රිධුර 19ක් හිමිකරගැනිම නිසා නගර සභාවේ බලය පිහිටුවිමේ දි බල පොරයක් නිර්මානය වි ඇත.
මෙවැනි පසුබිමක් තුල ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිම සදහා ජාතික ජනබලවේගය , සමගි ජනබලවේගය හා එජාපය විසින් විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. තනතුරු බේදාගැනිම සම්බන්දයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මත ගැටුම් නිර්මානය වි ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ගාල්ල මහනගර සභාවේ කොට්ඨාශ 21න් කොට්ඨාශ 17කම ජය ජාතික ජනබලවේගයට හිමිවිය.
එජාපය විසින් කොට්ඨාශ දෙකක් ජයග්‍රහණය කළ අතර සමගිජනබලවේගය විසින් කොට්ඨාශ දෙකක ජයතහවුරුකරනු ලැබිය.