දරුඵල තිබේ ද? ජ්‍යොතිෂයෙන් බලමු

394

මනුෂ්‍ය වර්ගයා නොනැසී පවත්වා ගැනීමට වර්ගයා උත්පාදනය කිරීම අවශ්‍ය වෙයි. එහි පිළිගත් සහ නීත්‍යානුකූල ක්‍රමවේදය වන්නේ විවාහයයි. ජ්‍යොතිෂයේ ්දී ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ විවාහ ගැළපීම පරීක්ෂා කරන මූලික පදනම වන පොරොන්දම් පරීක්ෂාවේදී එම යුවළට දරුඵල හිමිද යන්න වෘක්ෂ පොරොන්දමෙන් පරීක්ෂා කරනු ලබයි. දෙදෙනාම කිරි වෘක්ෂවලට අයත් නම් දරුඵල හිමිය යන්න පිළිගත් මතයයි. දෙදෙනාම කිරි වෘක්ෂවලට අයත් වුවත් දරුඵල නොමැති අවස්ථා අප දැක ඇත. මෙයට හේතු වන වෙනත් සාධකත් ඇත. දරුවන් ගැන පරීක්ෂා කරන්නේ කේන්දරයක පස්වැන්නෙනි. පස්වැන්න මිථුන, සිංහ, කන්‍යා වැනි වඳ රාශියක් නම් හෝ පස්වැන්නේ පාප ග්‍රහයන් තැන්පත් නම් එයත් දරුඵල කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැක. එසේ වුවත් පුත්‍රකාරක ගුරුගේ දෘෂ්ටිය පස්වැන්නට ලැබයි නම් හෝ පස්වැන්නේ ගුරු තැන්පත් නම් සුදුසු මහ දශා, අතුරු දශා ගතවේ නම් දරුඵල ගැන ශුභවාදී බලාපොරොත්තු තබා ගත හැකි බව කිවහැක.

දරුඵල හිමි, අහිමි බව ස්ත්‍රී කේන්දරයක ක්ෂේත්‍ර ස්ඵුටය නම් අගයකින් සහ පුරුෂයකුට දරුඵල ලබා දීමට අදාළව දායකත්වය දියහැකිද යන්න බීජ ස්ඵුටය නම් අගයකින් වඩාත් නිවැරදිව කිව හැකිය.

ස්ත්‍රී කේන්දරයේ චන්ද්‍ර, කුජ සහ ගුරු යන ග්‍රහයන්ගේ ස්ඵුට විශ්ව කේන්දරයේ ආකාරයට ගෙන එම ස්ඵුටයන්ගේ එකතුව 3600න් බෙදා රාශිවලට වෙන් කර ගත්විට ලැබෙන ශේෂය ක්ෂේත්‍ර ස්ඵුටය වෙයි. මෙය නිදසුනකින් පහදා ගනිමු. ස්ත්‍රී කේන්දරයේ සඳු මකරයේ 120 36.27.. කුජ සිංහයේ 230 07.46.. සහ ගුරු මේෂයේ 18054.32.. යැයි සිතමු. මෙහි සඳු ධනු රාශිය දක්වා රාශි නවයක් සම්පූර්ණ කර එනම් 300 ඞ 9ු 2700ක් ගමන් කර මකරයේ 120 36.27..,ට පැමිණ සිටින නිසා මුළු අංශක ගණන හෙවත් විශ්ව කේන්දරයේ ආකාරයට ස`ඳු 2700 ූ 120 36.27.. ු 282 036.27,.. හිය. ඒ අකාරයට කුජ 143 007.46.. හි වන අතර ගුරු 18054.32..හිමය. මෙම ස්ඵුටයන් එකතු කළවිට 444038.45,..ක් ලැබේ. මෙය 3600න් බෙදූ කල 84038.45,ක් ලැබේ. මෙම අගය 300 න් බෙදා රාශිවලට වෙන් කළවිට රාශි දෙකක් සම්පූර්ණවී 24038.45,ක් ඉතිරි වෙයි. රාශි දෙකක් සම්පූර්ණවී නම් මේෂ සහ වෘෂභ යන රාශි සම්පූර්ණවී දැන් එම ඉතිරිය ඇත්තේ මිථුන රාශියේය. ඒ අනුව ක්ෂේත්‍ර ස්ඵුටය මිථුනයේ 24038.45, වේ. ලග්න සහ ග්‍රහස්ඵුට අනුව නවාංශක සහ නැකැත් පාද සොයන චක්‍රවලින් මිථුනයේ 24038.45, අයත්වන නවාංශකය කුමක් දැයි සොයා ගන්න. එය වෘෂභ යයි.

ක්ෂේත්‍ර ස්ඵුටය අයත්වූ මිථුන රාශිය පුරුෂ රාශියකි. ක්ෂේත්‍ර ස්ඵුටය පුරුෂ රාශියකට අයත් නම් දරුඵල ලබාදීමේ හැකියාව අඩුය.

නමුත් මෙහි නවාංශකයවූ වෘෂභය ස්ත්‍රී රාශියකි. ඒ අනුව දරුඵල ලබාදීමේ හැකියාව පවත්නා බව පෙන්වයි. යම් හෙයකින් නවාංශකයත් පුරුෂ රාශියක් වුණි නම් දරුඵල ලබාදීමේ හැකියාව ඉතා අඩු කෙරෙයි.

මෙම ක්‍රමයට පුරුෂ කේන්දරයේ දරුඵල ලබාදීමේ දායකත්වය සෙවීමට අදාළ බීජ ස්ඵුටය ගණන සඳහා රවි, ගුරු සහ සිකුරු යන ග්‍රහයන්ගේ ස්ඵුට විශ්ව කේන්දරයේ ආකාරයට ගෙන එවායේ එකතුවත් 3600න් බෙදා රාශිවලට වෙන් කර ඉතිරිය රාශිවලට වෙන් කර අවසානයට ලැබෙන රාශිය සහ ස්ඵුටය අනුව නවාංශකයත් සොයා ගනු ලබයි. එම කේන්දරයේ බීජ ස්ඵුටය අයත් රාශිය පුරුෂ රාශියක් නම් දරුඵල ලබා ද ීමේ දායකත්වය ලබාදිය හැකි බව කියවෙයි. එහි නවාංශකයත් පුරුෂ රාශියක් නම් දරුඵල ලබාදීම සඳහා දායකත්වය ලබා දීම එයිතුත් තහවුරු කෙරෙයි. යම් හෙයකින් බීජ ස්ඵුටය අයත් රාශිය ස්ත්‍රී රාශියක් නම් දරුඵල ලබාදීම සඳහා දායකත්වය අඩු බව පෙන්වන අතර නවාංශකයත් ස්ත්‍රී රාශියක් වුවහොත් දායකත්වය ලබාදීමේ හැකියාව තව දුරටත් අඩු කෙරෙනු ඇත.

ජ්‍යොතිෂ මෘදුකාංගවල ක්ෂේත්‍ර ස්ඵුටය සහ බීජ ස්ඵුටය ගණනය කර එය අයත් රාශිය කුමක් ද නවාංශකය කුමක් ද යන්න පහසුවෙන් බලා ගතහැකි ආකාරයට දී ඇත. ක්ෂේත්‍ර ස්ඵුටය අයත් රාශිය ස්ත්‍රී රාශියක්ද? පුරුෂ රාශියක්ද? නවාංශකයත් එලෙසම ස්ත්‍රී රාශියක්ද?

පුරුෂ රාශියක්ද? යන්න පරීක්ෂා කර ක්ෂේත්‍ර ස්ඵුටයකට අදාළව නම් එම රාශි දෙකම ස්ත්‍රී රාශි නම් දරුඵල හිමි බවත් දෙකින් එකක් ස්ත්‍රී රාශියක්වී අනෙක පුරුෂ රාශියක් නම් දරුඵල ලබාදීමේ හැකියාව 50%ක ්බවද, රාශි දෙකම පුරුෂ රාශි නම් දරුඵල ලබාදීමේ හැකියාව අඩු බවද නිගමනය කළ හැක. කෙසේ වුවත් දරුඵල නොමැති බව හෝ අඩු බව ප්‍රකාශ කිරීම සේවාදායකයාගේ මනසට වේදනාවක් ඇති නොවන ආකාරයට කළ යුතු බවත් අවධාරණය කරමි. පුරුෂ කේන්දරයක බීජ ස්ඵුටයට අදාළව එම රාශි දෙකම පුරුෂ රාශි නම් දරුඵල ලබාදීමේ දායකත්වය 100%ක් බවත් එම රාශි දෙක ස්ත්‍රී සහ පුරුෂ වී නම් දැරඵල ලබාදීමේ දායකත්වය 50%ක් බවත් රාශි දෙකම ස්ත්‍රී රාශි වී නම් දරුඵල ලබාදීමේ දායකත්වය ඉතා අඩු බවත් එම තොරතුරු ප්‍රකාශ කිරීමේදී ඉතාමත් කල්පනාකාරී වියයුතු බවත් නැවතත් අවධාරණය කරමි.

ජ්‍යොතිෂ උපදේශක
සරත් මහීපාල
දුරකථන 0718066249 –
0705037446 – 011281893


advertistmentadvertistment